18 January 2026

logo

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දුර්වලම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරයි



සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා.

එහිදී සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 42කට දැවීගියේ වසර 30ක් පැරණි අමිහිරි වාර්තාවක්ද අලුත් කරමින්.

ඒ අනුව ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්වුණා.

මීට පෙර එම වාර්තාව තිබුණේ පාකිස්ථාන කණ්ඩායම හමුවේ 1994 වසරේදී වන අතර එම ලකුණු සංඛ්‍යාව 71ක්.

කමිඳු මෙන්ඩිස් ලකුණු 13ක් සහ ලහිරු කුමාර ලකුණු 10ක් රැස් කළා.

අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට හෝ ළඟාවීමට නොහැකි වුණා.



(colombotimes.lk)