27 February 2026

logo

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙක් අබාධයකට ලක්වෙයි



ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙක් වන කුසල් මෙන්ඩිස් පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව හෙට පැවැත්වෙන තරගයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව කමිල් මිෂාර ඔහු වෙනුවට කණ්ඩායමට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම 2026 T20 ලෝක කුසලානයේ ක්‍රීඩා කරන අවසන් තරගය හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

(COLOMBOTIMES.LK)