25 May 2026

logo

මෙරට පස්වැනි සහ හයවැනි IMF සමාලෝචන මැයි 27වනදා



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන මැයි 27වනදා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පස්වැනි සහ හයවැනි සමාලෝචන ඇගයීමට ලක් කිරීම සඳහායි.

මෙහිදී ශ්‍රී ලංකාව විසින් මෙතෙක් අත්පත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ දැඩි අවධානයට ලක්වන බවයි වාර්තා වන්නේ.

මෙම ඇගයීම සාර්ථකව නිමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ මූල්‍යාධාරයක් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා. 

(colombotimes.lk)