13 July 2025

logo

ඇලක දිය ක්‍රීඩා කරමින් සිටි ළමුන් දෙදෙනෙකු අනතුරකින් මියයයි



ඇලක දිය ක්‍රීඩා කරමින් සිටි ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මියගිය බවට ශ්‍රී පුර පොලිසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

ළමුන් දෙදෙනා ශ්‍රී පුර රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. 
 
ඔවුන් අවුරුදු 12 සහ 15 වයස්වල පසුවන තිස්සපුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. 
 
මේ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, ළමුන් දෙදෙනා ඇල අසල තිබූ ගසකට නැග ඇලට පැන ඇති බවයි. 
 
එම අවස්ථාවේදී ඔවුන්ගේ හිස් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. 
 
මීට අමතරව මාළු දැලක් එලමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී බුත්තල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. 
 
මරණකරු වයස අවුරුදු 67ක් වන පරන බුරුත පාර, බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
(colombotimes.lk)