ලංවිම මුල්‍ය අංශය විසින් සපයන ලද දත්ත වලට අනුව ලංවිම සේවකයින්ට ලබාදී ඇති මුල්‍ය පහසුකම් රුපියල් බිලියන 12 ක් පමණ වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
මෙම සේවක ණය පොලී කොටස් වලින් 2/3 ක් ලංවිම විසින් ගෙවනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ලංවිම සේවකයින්ට ලබා දී ඇති ණය පහසුකම් සහ නව බඳවා ගැනීම් පිළිබඳ තොරතුරු ලබා දෙන අමාත්‍යවරයා සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම තොරතුරු ලබා දී තිබෙනවා.
මීට අමතරව ලංවිම එහි සේවකයන් වෙනුවෙන් ගෙවන පොලිය පාරිභෝගික ගාස්තු වලින් අයකර ගන්නා බව ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විශේෂ උපදෙස් කිහිපයක් ලබා දී තිබෙනවා.
එම උපදෙස් වන්නේ,
1) ණය ප්‍රතිලාභියාගෙන් ණය සහ පොලී මුදල් අයකර ගැනීම.
2) අදාළ පොලී ගාස්තු විදුලි පාරිභෝගිකයන් වෙත ලබා නොදීම.
එමෙන්ම අමාත්‍යවරයා විසින් ලංවිම කාර්යක්ෂම වීමට සහ පිරිවැය අඩු කිරීමට බාහිරින් ලබා ගත හැකි සේවා පිළිබඳව වාර්තා කරන ලෙසට ද ඉල්ලීමක් කර තිබෙනවා.
(colombotimes.lk) 

