14 March 2025


කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජය නීති ශක්තිමත් කරයි



ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආරක්ෂා කිරීම සහ රැකියා ස්ථානයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර තුරන් කිරීම සඳහා නීති ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ රැකියා ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර තුරන් කිරීම සඳහා වන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 190 වන සම්මුතිය අනුමත කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාව තවමත් මෙම සම්මුතිය අනුමත කර නොමැති වුවත් සම්මුතිය අනුමත කිරීම පිළිබඳව සොයා බලා අදාළ නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)