14 October 2025

logo

ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති



ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ පසුගිය දිනවල වාර්තා වූ ළමා අපචාර සිදුවීම් දිගින් දිගටම වාර්තා වීම පිළිබඳ අවධානය යොමු කරමින්.

ඇතැම් ගුරුවරුන් සහ වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ ජන කොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාවද ඔහු එහිදී පේනවා දී තිබෙනවා.

ඒ අනුව රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා වෙනමම නීති මාලාවක් හඳුන්වා දිය යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

ඒ සඳහා දැනට පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම නීති පද්ධතිය සැකසීමේදී ජංගම දුරකථන, සමාජ මාධ්‍ය ආදිය යොදා ගනිමින් කෙරෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙනවා.

ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිතයි.
(colombotimes.lk)