පාසල් ආපනශාලා සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ උප සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා පැවසුවේ විශේෂයෙන් පාසල් සිසුන් අතර බෝ නොවන රෝග ඉහළ යාමක් වාර්තා වන බවයි.
මේ හේතුවෙන් සිසුන් අතර රෝග පැතිරීම වැළැක්වීම සඳහා පාසල් ආපනශාලාවල රෙගුලාසි දැඩි කරන බව බොරලැස්ස මහතා සඳහන් කළා.
(colombotimes.lk)