27 July 2025

logo

ඇමරිකානු ගුවන් යානයක හදිසි ගින්නක්



ඇමරිකානු ගුවන් යානයක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

ඒ ඇමරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගොඩබෑම් ගියර්යේ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර මේ හේතුවෙන් එම ගුවන් යානයේ ගුවන් ගමන අවලංගු කර ඇති බවයි.

එහිදී ගුවන් යානය ධාවන පථයෙන් හදිසි ඉවත් කිරීමක් සිදු කර ඇති අතර යානයේ සිටි සියලුම මගීන් ආරක්ෂිතව පිටතට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස ගිනිගෙන තිබෙන්නේ ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 ගුවන් යානයක් බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)