22 May 2026

logo

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76 මිලිග්‍රෑම් 100ක් සමඟ සැකකරුවෙක් අත්තිඩිය කහවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)