17 October 2025

logo

විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා නීති විරෝධීව මෙරටට රැගෙන ආ 'ප්ලැටිනම්' වර්ගයේ විදේශීය දුම්වැටි 120,000ක් අඩංගු දුම්වැටි කාටූන් 600ක් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ රැගෙන එමෙන් සිටියදී අද (26) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

(colombotimes.lk)