රුපියල් ලක්ෂ 45ක් වටිනා ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි 30000ක් අඩංගු දුම්වැටි කාටූන් 150ක් නීති විරෝධීව මෙරටට රැගෙන විත් එම දුම්වැටි තොගය කටුනායක ගුවන්තොටුපොළින් පිටකරගෙන යමින් සිටි පුද්ගලයෙක් අද (05) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයෙක්.
අදාළ සැකකරු සමඟ අත්අඩංගුවට ගත් දුම්වැටි තොගය ලබන 08වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
