මේ දිනවල දුරකථන ඇමතුම් මාර්ග හරහා සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වංචනික ලෙස මුදල් ගිණුම්වලට බැර කර ගැනීම සම්බන්ධව පොලීසියට පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ත්‍යාග දිනුම්වාර ඇඳී ඇති බව, රැකියා අවස්ථා ලබාදෙන බව, මුරපද (OTP), හා QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබාගැනීම මඟින් ද අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේද මෙම වංචාවන් සිදු කරන බවට අනාවරණය වී ඇති බවයි.
මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට පොලීසිය විසින් මීට පෙර අවස්ථාවලදී මහජනතාව දැනුවත් කර තිබෙනවා.
(colombotimes.lk)
