25 December 2025

logo

T20 World Cup 2024 | තර්ජන මැද ඉන්දු - පාකිස්ථාන සීතල යුද්ධය හෙට ඇරඹෙයි



2024 T20 ලෝක කුසලාන තරගාවලියට අදාළව තරග 3ක් හෙට (09) පැවැත්වෙනවා.

හෙට දිනයේ පැවැත්වෙන පළමු තරගය ලෙස C කාණ්ඩය යටතේ උදෑසන 6ට උගන්ඩාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග වදිනවා.

ලොවක් බලා සිටින ඉන්දු - පාකිස්ථාන සීතල යුද්ධය පැවැත්වෙන්නේ හෙට දිනයේ පැවැත්වෙන දෙවන තරගය ලෙසයි.

A කාණ්ඩය යටතේ පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම හෙට දිනයේ පැවැත්වෙන තුන්වන තරගය ලෙස B කාණ්ඩයෙන් ඕමානය සහ ස්කොට්ලන්තය මෙරට වේලාවෙන් රාත්‍රී 10.30ට තරග වදිනවා.

මේ අතර හෙට පැවැත්වෙන ඉන්දු - පාකිස්ථාන තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට අයි. එස්. කේ ත්‍රස්ත කල්ලිය විසින් පසු ගියදා ප්‍රකශයක් සිදු කර තිබුණා.

ඒ හේතුවෙන් මෙම තරගයට විශේෂ ආරක්ෂාවක් සපයන බවයි වාර්තා වන්නේ.

එම පුවත සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීමට පහත Link එක Click කරන්න.

https://colombotimes.lk/sinhala/IS-K-terror-threat-India-Pakistan-match-2024-05-31.html

(colombotimes.lk)