උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවක් විසඳුම් ලබා දී නැති බව දෙමළ සන්ධානයේ නායක S . ශ්‍රීධරන් මහතා පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකා රජය කෙරෙහි තැබූ විශ්වාසය දෙමළ ජනතාවගෙන් ගිලිහී ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලා ශ්‍රී ලංකා රජයට බල කරන බව ඒ මහතා පවසනවා.
එමෙන්ම මෙම ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙස කණගාටුවෙන් වුවද ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)
