03 November 2025

logo

තේ කර්මාන්ත ශාලාවක් ගිනි ගනියි



මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මන්තශාලාවේ තේ කුඩු නිෂ්පාදන අංශයේ අද (09) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා. 

තේ කුඩු නිෂ්පාදන අංශයේ හටගත් ගින්න තේ කොළ ගබඩා කර තිබූ ගබඩා කාමරය තෙක් පැතිරී යාම හේතුවෙන් ඇසුරුම් කරන ලද නිමි තේ කුඩුද විශාල වශයෙන් විනාශ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
පැතිර යමින් තිබූ ගින්න එම වතුයායේ වතු කම්කරුවන් එක්ව සෙසු අංශ වෙත පැතිරීම පාලනය කර තිබෙනවා. 

කෙසේවෙතත් වතු කම්කරුවන් චෝදනා කරන්නේ වතු පාලනාධිකාරිය විසින් සැලසුම් කර මෙම ගින්න ඇති කර ඇති බවයි. 

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නෙමැති අතර ගින්නෙන් කිසිම පුද්ගලයෙක්ට අනතුරක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ. 

තේ කර්මාන්තශාලාවේ ගින්න හටගැනීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව නල්ලතන්නිය පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)