15 June 2026

logo

ඉන්දියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට



ඉන්දියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ ඔඩීෂා, ජාර්කන්ද් සහ බටහිර බෙංගාල ඇතුළු ප්‍රදේශ රැසක උෂ්ණත්වය පසුගිය 13වනදා සිට ඉහළ ගොස් ඇති බවයි.

රාජස්ථාන් සහ උතුරු ගුජරාට් ප්‍රදේශයන්ට සතියක කාලයක් මෙම අධික උෂ්ණත්වයේ බලපෑම එල්ල වන බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)