වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ මහියංගන - ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව 1 කනුව ප්‍රදේශයේදීයි.
මෙම අනතුර ඊයේ (26) රාත්‍රියේ සිදු වී තිබෙනවා.
එම වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් 11දෙනෙක් තුවාල ලබා මහියංගන රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
බදුල්ල ප්‍රදේශයේ පිරිසක් අනුරාධපුරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.
(colombotimes.lk)