30 April 2026

logo

පුටුව සලකුණ යළි කරලියට



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් 'පුටුව' සලකුණ මඟින් පොදුජන එකසත් පෙරමුණ ලෙස නිර්මාණය කරන නව සන්ධානය එළිදැක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45කට අධික පිරිසක් පුටුව ලකුණින් සන්ධානගත වීමට කැමැත්ත පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම පෙරමුණට නව නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට තීරණය කර තිබෙන අතර සන්ධානයට එකතු වන පක්ෂවල එකඟතාව මත ලබන සතියේ නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)