24 February 2026

logo

ප්‍රංශ ආණ්ඩුව කඩා වැටෙයි



ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆොන්සුවා බෙයිහූ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වී තිබෙනවා. 

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී මන්ත්‍රීවරුන් 364දෙනෙක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඊට විරුද්ධව මන්ත්‍රීවරුන් 194දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාට සිය ධූරය අහිමි වන අතර සුළුතර ආණ්ඩුව බිඳවැටී ඇති බවයි. 

ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆොන්සුවා බෙයිහූ සිය ඉල්ලා අස්වීම හෙට (10) ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වෙත ඉදිරිපත්  කරන බව දේශපාලන විචාරකයන් පවසනවා. 

ඒ අනුව වසර 02ක කාලයක් තුළ ප්‍රංශයේ 05වන අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සිදු වන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)