14 October 2025

logo

කෘෂිකර්ම ඇමති පොලීසියෙන් ඉල්ලීමක් කරයි



කිරි ගව සොරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

මේ දිනවල කිරිගව සොරකම් වැඩි වී ඇති බවට ගොවි සංවිධාන සිදුකරන පැමිණිලි වැඩි වීම නිසා මෙම ඉල්ලීම සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළා. 
 
දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබා ගත හැකි ගව දෙනුන් සොරකම් කරන බව එම අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙනවා. 
 
එමෙන්ම එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගවදෙනුන් 35ක් පමණ සොරකම් කරන බවටත් ගොවි නියෝජිතයින් අමාත්‍යාංශය වෙත පැමිණිලි කර ඇති බව සඳහන්.
(colombotimes.lk)