colombotimes.lk
සිංහල | English

02 May 2024

අලි සබ්‍රි සම්බන්ධව කතානායකවරයා වාර්තාවක් කැඳවයි



පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම් සම්බන්ධයෙන් කතානායකවරයා විසින් විශේෂ වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඒ ඔහු නීති විරෝධීව ලෙස රත්රන් හා ජංගම දුරකතන තොගයක් ගෙන ආ සිදුවීමට අදාළවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් බවයි.

අලි සබ්‍රි රහිම් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින්ගෙන් අදහස් ඉදිරිපත් වී තිබුණා.

කතානායකවරයා සඳහන් කළේ, එවැනි තත්ත්වයක් තුළ අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම වාර්තාව කැඳවා ඇති බවයි.
(colombotimes.lk)