colombotimes.lk
සිංහල | English

04 May 2024

"රට බංකොලොත් කළේ නෑ" - මහින්ද



රට බංකොලොත් වීමට තමන් ඇතුළු පිරිස වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව පිළිනොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ බව ඔහු සඳහන් කළේ, සිය ජන්ම දිනය නිමිත්තෙන් මහනුවරට පැමිණ ඊයේ (15) රාත්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුවයි.

එහිදී හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ එම අධිකරණ තීන්දුව පිළි නොගන්නා බවට පැහැදිලිව ප්‍රකාශ කර සිටිය යුතු බවයි.

ඒ සඳහා අවශ්‍ය කරුණු කීමට අවස්ථාව ලැබුන පසු උත්තර ලබා දෙන බවද මහින්ද රාජපක්ෂ මහතා එහි දී වැඩිදුරටත් අවධාරණය කළා.
(colombotimes.lk)