මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එහි සභාපති නීතිඥ අසේල රැකව මහතා කියා සිටියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බවයි.
මේ වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවු හානිය ගණනය කිරිම, ආරම්භ කර ඇතැයි සභාපතිවරයා සඳහන් කළා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු සීමාවට සිදුවු හානිය මෙතෙක් ගණනය කර ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා දක්වා පමණක් බවයි වාර්තා වන්නේ.
නව ගනණය කිරීම්වලින් පසුව දැනට හානි පූර්ණ වන්දිය ලෙස තක්සේරු කර ඇති ඩොලර් බිලියන 6 දශම 5කට ආසන්න මුදල තවදුරටත් ඉහළ යා හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, සිංගප්පූරු අධිකරණයක් හමුවේ, ශ්‍රී ලංකාව පසුගියදා නඩු පැවරු අතර එම නඩුව යළි හෙට (15) කැඳවීමට නියමිතයි.
(colombotimes.lk)