දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පවුල් 1,966කට අයත් පුද්ගලයන් 7,757දෙනෙක් පීඩාවට පත්ව තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අයපත් කාලගුණයෙන් එක් පුද්ගල මරණයක් ද වාර්තා වන බවයි.
එමෙන්ම පවුල් 58කට අයත් පුද්ගලයන් 201දෙනෙක් ආරක්ෂිත ස්ථාන 06ක රඳවා සිටින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වන්නේ මීට අමතරව අර්ධ නිවාස හානි 123ක් ද වාර්තා වී තිබෙන බවයි.
(colombotimes.lk)
