colombotimes.lk
සිංහල | English

04 May 2024

ඩයනාට පහරදීම සම්බන්ධ වාර්තාව කතානායකවරයාට



2023 ඔක්තෝබර් 20 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවූ සිදුවීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කතනායකවරයාට භාරදී තිබෙනවා.

මෙම වාර්තාව මගින් කරුණු වාර්තා කර ඇත්තේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය, රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්.

කතානායකවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (14) කතානායකවරයා වෙත භාර දී තිබුණා.

ඒ අනුව අදාළ කමිටුවේ සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකාර්, නීතිඥ තලතා අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල යන පිරිස කටයුතු කෙරුණා.
(colombotimes.lk)