05 November 2025

logo

ලොව විශාලතම දැව නගරය ඉදිකෙරේ



2025 සිට ස්වීඩනයේ අගනුවර වන Stockholm හි ලොව විශාලතම 'දැව නගරය' ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, දේපළ වෙළඳාම් සංවර්ධක Atrium Ljungberg විසින්.

ස්ටොක්හෝම් වුඩ් සිටි නගරයේ ගිනිකොණ දෙසින් කාර්යාල අවකාශයන් 7,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිවාස 2,000ක් ද ඉදි කිරීමට නියමිතයි.

මේ හරහා වැඩපොළවල්, නිවාස, ආපනශාලා සහ කඩසාප්පු සහිත විචිත්‍රවත් නාගරික පරිසරයක් ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා.

දැව ලෝකයේ විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන මෙය, වර්ග මීටර් 250,000 (වර්ග අඩි මිලියන 2.7) පුරා මෙම නගරය පැතිර යනවා.

මේ අතර නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල දැවමය ලෙස නිම කළ ගොඩනැගිලි විශාල උසකින් යුක්තව නිම කර තිබෙනවා.

මීට අමතරව පසුගිය මැයි මාසයේදී විවෘත කරන ලද වර්ග අඩි 468,000 ක විශාල විද්‍යාල මණ්ඩපයක් සහිත ආසියාවේ විශාලතම දැව ගොඩනැගිල්ලට හිමිකම් ලබා ගත්තේ සිංගප්පූරුවයි.
(colombotimes.lk)