07 July 2025

logo

වේල්ලක් කඩා වැටීමෙන් පසු යුක්රේනයේ දැවැන්ත ගංවතුර තත්ත්වයක් (VIDEO)



රුසියාවේ පාලනය යටතේ පවතින යුක්‍රේනයේ ප්‍රධාන වේල්ලක් කඩා වැටී ඇති අතර එහි පහළ කොටසේ වෙසෙන දහස් ගණනක් ජනතාව ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

නෝවා කකොව්කාහි වේල්ල විනාශ වීමෙන් පසු නගර සහ ගම් 80 ක් ජලයෙන් යටවිය හැකි බවයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ. 
 
Dnipro ගඟ දිගේ ජලය ගලා යමින් පවතින අතර, Kherson නගරයට ව්‍යසනකාරී ගංවතුර අවදානමක් ඇති බව ද වාර්තා වනවා.
(colombotimes.lk)