15 July 2025

logo

DMT හිටපු සහකාර ලේකම්වරිය ඇතුළු නිලධාරීන් 03ක් අත්අඩංගුවට



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරිය ඇතුළු නිලධාරීන් තිදෙනෙක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. 

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  

අදාළ වාහනය නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදු කිරීම සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් හිටපු සහකාර කොමසාරිස්වරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අදාළ වාහනය සම්බන්ධයෙන් අනීතික ලෙස මුල් පැවරීම සිදු කරීම යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ, සංවර්ධන සහකාරවරයෙක්වද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එමෙන්ම අදාළ වාහනය අනීතිකව පැවරීමක් සිදු කිරීම සඳහා නිර්දේශ ලබාදීම සම්බන්ධයෙන් නාරාහේන්පිට ශාඛාවේම විමර්ශන අංශයේ, අධීක්ෂණ නිලධාරියෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)