18 December 2025

logo

Titan පිපිරීමට සමාන අනුකරණයක් සිදුකරයි (VIDEO)



Titan සබ්මැරීනයේ පිපිරීම 'මිලි තත්ත්පරයක්' තුළ සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂකයන් පිරිසක් විශේෂ අනුකරණයක් සිදුකර තිබෙනවා. 

ඒ, Titan පිපිරීම සම්බන්ධයෙන් ඇති උපකල්පන ඇසුරෙන්. 
 
එම පිපිරීම සිදුවන අවස්ථාවේ දී එහි සිටි මඟින් 5 දෙනාම මියගොස් තිබුණා. 
 
සබ්මැරීන් විශේෂඥයෙකු වන හොසේ ලුයිස් මාර්ටින් පවසන්නේ, ඔවුන් මරණයට පත්වීමට විනාඩියකට පමණ පෙර සිය ඉරණම ගැන දැන සිටි බවයි. 
 
එමෙන්ම මෙහි පීඩනය වෙනස් වීම නිසා 'පිපිරීම සහ ක්ෂණික හදිසි මරණයට' පෙර තත්පර 71ක් පහළට ඇද වැටී තිබෙනවා. 
 
එසේ ඇද වැටීම අඩි 3,000ක් පමණ පහළට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)