01. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
අගෝස්තු මස 10වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, ප්‍රශ්න පත්‍ර බෙදීම්, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු අවසන් කළ යුතු දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ අද (06) මධ්‍යම රාත්‍රියේ සිට එම කටයුතු තහනම් බවයි.
ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු විභාගයට අදාළ උපකාරක පංති, ප්‍රශ්න පත්‍ර බෙදීම්, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු සියල්ල තහනම් බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව එම නිවේදනයේ සඳහන්.
02. COPA සභාපති ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින්.
ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදීමට එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් කියා සිටියා.
03. ඉන්දියාවේ ගුවන්තොටුපොළවල ආරක්ෂාව තර කරයි
සැප්තැම්බර් 22වනදා සහ ඔක්තෝබර් 02වනදා යන දිනයන් අතර ඉන්දියාව තුළ ත්‍රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම තොරතුරු මත සියලු ඉන්දීය ගුවන්තොටුපොළ තුළ ආරක්ෂාව උපරිම ලෙස තර කරන ලෙසට එරට සිවිල් ගුවන් සේවා කාර්යාංශය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවයි.
සමාජ විරෝධි කණ්ඩායම් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මත මෙම තර්ජනය එල්ල විය හැකි බවද ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
03. ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිකරණයෙන් දුන් නියෝගය
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ එළඹෙන 19වනදා දක්වායි.
04. WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවතට
මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයන් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදු කළ WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව Meta සමාගම පවසනවා.
WhatsApp විසින් නව වංචා විරෝධී පියවරයන් හඳුන්වාදීමත් සමඟ Meta සමාගම මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම පියවරයන් අතර WhatsApp විසින් සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පරිශීලකයෙක් කණ්ඩායම් කතාබහකට (Group Chat) එක්කිරීමේ දී සිදුවිය හැකි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂයෙන් පරිශීලකයන්ව දැනුවත් කර තිබෙනවා.
මෙහි ඉලක්කය වන්නේ අපරාධකරුවන් විසින් WhatsApp ගිණුම් පැහැර ගැනීම හෝ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා ප්‍රවර්ධනය කරන Group Chatවලට පරිශීලකයන් එක්කිරීම වැනි බහුලව සිදුවන වංචනික ක්‍රියාකාරකම් මර්දනයයි.
05. විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
පසුගිය මැයි මස 23වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 96කින් සම්මත වී තිබෙනවා.
එයට පක්ෂව ඡන්ද 121ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 25යි.
06. දේශබන්දුව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ ලිපියට අනුමැතිය
පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා කතානායකවරයා යොමු කළ ලිපියට ජනපතිවරයාගේ අනුමැතිය හිමි වී තිබෙනවා.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමි වුණා.
07. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට විපක්ෂයේ පක්ෂ ඒකමතිකව තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළේ එම යෝජනාව එළඹෙන සඳුදා (11) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)