18 December 2025

logo

ඇමරිකානු ගීත පොතේ රජු ජීවන ගීය නිමකරයි



අමෙරිකානු ගීත පොත (American Songbook) හරහා ලොව ජනප්‍රියත්වයට පත්වූ Tony Bennett අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 96ක් වූ බවයි වාර්තා වන්නේ. 
 
එමෙන්ම Tony 2016 වසරේ සිට අසනීප තත්ත්වයෙන් පසුවූ බව සඳහන්. 
 
නමුත් Lady Gaga සමඟ එක්ව ඔහුගේ දෙවන යුගල ඇල්බමය වන Love For Sale, 2021 වසරේදී එළිදැක්වීම විශේෂත්වයක්. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහුගේ නියෝජිතයෙකු පැවසුවේ, Tony සිය අසනීප තත්ත්වයෙන් පසුබට නොවූ බවයි. 
 
එමෙන්ම මෙම ඇල්බමය හේතුවෙන් 2021 වසරේදී Billboard Top 10 සහ Radio City Music Hall සඳහා පිවිසීමට ඔහු අවස්ථාව ලබා ගත්තා. 
 
වසර 20ක් පමණ සිය ගායන හැකියාවෙන් රසික ආකර්ෂණය දිනාගත් ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ St. James Infirmary Blues ගීතයයි.
(colombotimes.lk)