30 April 2026

logo

පෙබරවාරි මාසයේ පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ වැඩිවීමක්



මෙම වසරේ පෙබරවාරි මාසයේ මුල් දින 4 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 28,493 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙම සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය හා ජර්මනිය යන රටවලින් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 236,746 ක් බව සඳහන්.
(colombotimes.lk)