19 February 2026

logo

ටවර් හෝල් පදනම භාරකාර මණ්ඩල සාමාජිකයන් පත්කරයි



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් පත් කර තිබෙනවා.

එම සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (24) අමාත්‍යාංශයේදී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින්.

ඒ අනුව එස්. ඩබ්ලිව් කුමාර පෙරේරා, ඒ. කේ කෝසල ලක්ෂිත, එස්. ඒ අනුසුයා සුබසිංහ, එස්. පී. ඩී ලියනගේ සහ කදිරේසු රතීදරන් එලෙස පත්වීම් ලිපි ලබාගෙන තිබෙනවා.

(colombotimes.lk)