කඩුවෙල සංඛපිට්ටි පුරාණ විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
අද (02) රාත්‍රී 8 සිට හෙට (03) අලුයම 3 දක්වා මෙසේ සිමා කර ඇති බව සඳහන්.
පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ ඉහළ මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති වන බැවින් මෙම තීරණය ගත් බව පොලිසිය පැවසුවා.
ඒ අනුව පෙරහැර ගමන් කරන මාර්ගය පහතින්.,
> සංඛපිට්ටි පුරාණ විහාරස්ථානයේ සිට නව නුවර මාර්ගය ඔස්සේ (177 මාර්ගයේ) මාලඹේ දෙසට ගොස් කොතලාවල දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට පැමිණීම.
> පසුව රාජසිංහ මාවත ඔස්සේ, කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට (143 මාර්ගය) පිවිස හේවාගම අධිවේගී මාර්ග පිවිසුම අසල සිට කඩුවෙල මංසන්ධිය දක්වා පැමිණීම.
> එතැනින් දකුණට හැරී මාලඹේ දෙසට ගමන් කර යළි විහාරස්ථානයට ගමන් කිරීම.
(colombotimes.lk)