අද (25) උදෑසන ධාවනයට නියමිත, මාර්ග 3ක කාර්යාල දුම්රිය 4 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය ඊයේ සවස අත්හිටවනු ලැබුවා.
කෙසේවෙතත් වර්ජනය අත්හිටුවා තිබුණද අද උදෑසන වන විට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බවත් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
වර්ජනය හේතුවෙන් දුම්රිය 58 ක් ඊයේ දිනයේදී අවලංගු වුණා.
(colombotimes.lk)