01 December 2025

logo

උඩරට සහ උතුරු මාර්ගවල දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයි



උඩරට මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ඇනහිට තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දක්වා සීමා කර ඇති බවයි.

එමෙන්ම පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කර තිබෙනවා.
 
දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කළේ කැලණි වැලි මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කරන බවයි. 

(colombotimes.lk)