අද (24) පස්වරුවේත් දුම්රිය ගමන්වාර 26ක් පමණ බොහෝදුරට අවලංගු වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසනවා.
ඒ රියදුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්.
නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.
මේ හේතුවෙන් ඊයේ (23) දිනයේ දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු වූ අතර අද (24) උදෑසන ද කාර්යාල දුම්රිය 16 ඉක්ම වූ ප්‍රමාණයක් අවලංගු කෙරුණා.
(colombotimes.lk)