22 October 2025

logo

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් සීමා කරයි



උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය අදත් (22) සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (22) පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහනුවර සිට පොල්ගහවෙල අතර දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කරන බවයි. 

උඩරට දුම්රිය මාර්ගයේ දෙපස ස්ථාන කිහිපයක නායයෑම් සිදු වීම හේතුවෙන් මෙලෙස අද දහවල් දක්වා දුම්රිය ගමන් සීමා කර තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුව සිට බදුල්ල අතර අද පෙරවරුවේදී ධාවනය කරන දුම්රිය පේරාදෙණිය හා බදුල්ල අතර පමණක් ධාවනය කරන බවයි.
 
අද දහවල් 12.00 සිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කිරීමට හැකිවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)