සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගාසා තීරයෙන් ඉවත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ට්‍රම්ප් සඳහන් කළේ එම දැනුම්දීම නොසලකා හරින්නේ නම් බරපතළ ප්රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවයි.
ගාසා තීරයේ යුද ගැටුම් අවසන් කිරීමට හමාස් සංවිධානය සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට සූදානම් බවට ධවල මන්දිරය ප්‍රකාශ කිරීමෙන් පසුව ඇමරිකානු ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)