11 October 2025

logo

පිලිපීනයට සහ ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි



පිලිපීනයේ රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා. 

ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

පිලිපීනයේ මින්ඩනාඕ කලාපයේ මෙම භූ කම්පනය සිදු වී තිබෙනවා. 

මේ හේතුවෙන් පිලිපීනයේ සමහර ප්‍රදේශවල සුනාමි රළ සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටර් 3 (අඩි 10) දක්වා ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ඉන්දුනීසියාවේ සහ පලාවු ප්‍රදේශවල මීටර් 1ක් දක්වා ඉහළ යා හැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා. 

(colombotimes.lk)