12 May 2026

logo

වෛද්‍යවරුන් දෙදෙනෙක්ගේ සේවය අත්හිටුවයි



වෛද්‍යවරුන් දෙදෙනෙක්ගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඒ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලේදී බිළිදෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්.

පසුගිය අප්‍රේල් මස 9වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනයක් අතරතුර එම බිළිඳා මියගොස් තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනයකින් අනතුරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ එහිදී අදාළ වෛද්‍යවරුන් විසින් අපරාධමය වරදක් සිදුකර ඇත්ද යන්න පිළිබඳ අඛණ්ඩ විමර්ශන ක්‍රියාත්මක බවයි.

(colombotimes.lk)