17 October 2025

logo

නිවසක පිපිරීමකින් - දෙදෙනෙක්ට බරපතළ තුවාල



කිලිනොච්චියේ තට්ටුවන්කොට්ටිහී නිවසක පිපිරීමක් සිදු වී තිබෙනවා.

එම පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

අබලන් වූ නිවසක කැණීම් කටයුතු සඳහා ගිය පුද්ගලයන් දෙදෙනෙක් තම වැඩ කටයුතු කරමින් සිටියදී එම නිවසේ භූගතව තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් මෙම අනතුරට මුහුණදී තිබෙනවා. 

පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 


(colombotimes.lk)