හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමඟ තායිලන්න ජාතිකයෙක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේදීයි.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙලෙස පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 6කට ආසන්න බවයි.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන 'ඩුබායි දිල්රුක්' නැමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් තිබෙන බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
