ඇමරිකානු බලධාරීන් සාක්ෂි වසන් කරමින් සිටින බව හිටපු එක්සත් ජනපද බුද්ධි නිලධාරියෙකු ඊයේ (26) එරට කොන්ග්‍රස් කමිටුවකට හමුවේ කරුණු දක්වා තිබෙනවා.
ඔහු නමින් ඩේවිඩ් ගෲෂ් වන අතර පෙන්ටගනයේ හිටපු ජාතික ඔත්තු බැලීමේ නිලධාරියෙක් වශයෙන් රැකියාව කර තිබුණා.
ඒ අනුව මිනිසුන් නොවන ජීවින් ගේ දත්ත ඇමරිකානු රජය සතුව පවතින බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම මිනිසුන් නොවන ජීවින් සමඟ සම්බන්ධ වෙමින්, ඔවුන්ගේ යානා සහ එම යානා පදවන්නන් ගේ ශරීර කොටස් සඟවා තබා ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් කොන්ග්‍රස් කමිටුවකට හමුවේ කරුණු දැක්වීම පැය දෙකකට අධික කාලයක් සිදුකර තිබුණා.
මීට අමතරව තවත් නිලධාරීන් දෙදෙනෙකු කොන්ග්‍රස් කමිටුවකට හමුවේ කරුණු දැක්වීම සිදුකළා.
එම සම්පූර්ණ වීඩියෝව පහතින්.,
(colombotimes.lk)
