17 October 2025

logo

ලෝක සබඳතා වර්ධනයට ඇමරිකාව සහ චීනය එක්වෙයි



ඇමරිකාව සහ චීනය අතර පවතින ​​සබඳතාවල ප්‍රගතියක් දක්නට ලැබෙන බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා. 

එමෙන්ම ඇය සඳහන් කළේ, තමන් චීනයේ ඉහළ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාව “සෘජු” සහ “ඵලදායි” වූ බවයි. 
 
මෙම සාකච්ඡාව පැය 10කට ආසන්න කාලයක් පවත්වා ඇති අතර එහිදී රටවල් දෙක සම්බන්ධයෙන් කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා. 
 
මේ හරහා ලෝකය අතර ඇති සබඳතා ස්ථාවර කිරීමට වොෂින්ටනයේ උත්සාහයන් ඉදිරියට ගෙන යා හැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)