විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය, වැටුප් විෂමතාව සහ දීමනා කප්පාදුවට විරෝධය පළකරමින්.
දිවයින පුරා සියළු විශ්වවිද්‍යාලවල මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කළා.
ඔවුන් කියා සිටියේ අවස්ථා ගණනාවකදී බලධාරීන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළද නිසි විසඳුම් නොලැබුණ බවයි.
(colombotimes.lk)