01 December 2025

logo

නොවැම්බර් දුම්රිය වාර ප්‍රවේශපත්‍රවල වලංගු කාලය දිගු වෙයි



නොවැම්බර් මස දුම්රිය වාර ප්‍රවේශපතෙහි වලංගු කාලසීමාව 2025.12.07 දක්වා දීර්ඝ කර තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට රට පුරා පවතින අපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර දුම්රිය ගමන් වාර සීමා කීරිමට ද සිදු වී ඇති බවයි.
 
එසේම ගමන් අපහසුතා හේතුවෙන් මගීන් සීමිත ප්‍රමාණයක් පමණක් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මීලදී ගන්නා බව නීරීක්ෂණය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

එම තත්ත්වය සැලකිල්ලට ගෙන 2025 නොවැම්බර් මාසයට වලංගු මාසික හා ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍ර 2025.12.07 දින දක්වා භාවිතා කීරීමට පහසුකම් සලසාදීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ සති වාර ප්‍රවේශපත්‍ර සඳහා මෙය වලංගු නොවන බවයි. 

(colombotimes.lk)