01 December 2025

logo

ආපදාවට ලක්වූවන්ට පිහිටවීමට දළදා මාලිගාව ප්‍රමුඛත්වයෙන් සමාජ සුබසාධන අරමුදලක්



ආපදාවන්ට ලක් වූ ජනතාවට පිහිටවීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි 02ක මුදලක් පරිත්‍යාග කරමින් සමාජ සුබසාධන අරමුදල නමින් ගිණුමක් ආරම්භ කළ බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර ප්‍රකාශ කළා. 

ඒ අද (01) මහනුරව පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී නිලමේවරයා සඳහන් කළේ මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කළ බවයි. 

දායකත්වය දැක්විය හැකි පිරිසට මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ 003 - 2001-0010 2599 අංකය දරණ ගිණුමට මුදල් බැර කරමින් තමන්ගේ දායකත්වයට දැක්විය හැකි අතර විදෙස් ගතව සිටින පිරිසට ද SWIFT code - PSBKLKIX හරහා සිය මුදල් පරිත්‍යාග කිරීමට හැකියාව පවතිනවා. 

(colombotimes.lk)