01 December 2025

logo

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් විවෘත වෙයි



දිවයින පුරා පැවති අයහපත් කාළගුණයත් සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් කදු කඩා වැටීම හේතුවෙන් (27)වනදා සිට ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. 

හැටන් පොලීසිය සඳහන් කළේ හැටන් ශැනන් වත්ත, වටවල, රොසැල්ල, පොල්පිටිය සහ කළුගල යන ස්ථානවල ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (01) දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ බවයි.
 
එම මාර්ගයට කඩා වැටුණු පස් කපා ඉවත් කර මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට එක් මන්තීරුවකට සීමා කර විවෘත කර තිබෙනවා.
 
හැටන් කොට්ඨාසයභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර කියා සිටියේ එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයත්, පෞද්ගලික අංශයේත් සහයෝගය ලැබුණ බවයි. 





(colombotimes.lk)